ලේ පිපාසිතයින්ගේ ගොදුරක් වූ පාස්කු ඉරිදා.....
කිතුනු බැතිමතුන්ගේ උතුම්ම මංගල්‍ය වූ පාස්කු ඉරුදින ඛේදවාචකය පිළිබඳව කරුණු කාරණා අමුතුවෙන් කිවයුතු නොවේ.නමුත් එය සැබවින්ම මහත් ව්‍යසනයකි.ජේසුස් වහන්සේගේ උත්ථානය සමරන එවැනි උතුම් දිනයක කිතුනුවන්ට එල්ල කරන ලද බලවත් පහරකි.සමහරුන්ට තම දිවි අහිමි විය.තවත් අයට අත්,පා අහිමි විය.එපමණක්ද නොව දෙමව්පියන්ට දරුවන්ද,දරුවන්ට දෙමව්පියන්ද අහිමි විය.පුංචි රෝමය ලෙස නම්ලත් මීගමුව පුරවරය එකම මළගෙයක් බවට පත් විය.කෙසේ නමුත් මිය ගිය සියලුදෙනාටම දෙවියන් වහන්සේගේ ස්වර්ග රාජ්‍යයේ දොරටු විවර වේවායි පතමි. නැවතත් ලක් දෙරණේ මෙවන් ඛෙදවාචකයක් නොවේවා යන්න මාගේ එකම පැතුමයි.......