Posts

Showing posts from June, 2019

මුවදෙව්දාවත හා සසඳාවත

"පෙදෙන් බුදු සිරිතැ" යන නියමය අාරක්ෂා කරමින් පොළොන්නරු යුගයේ දී රචනා වූ කෘතිද්වයක් ලෙස මුවදෙව්දාවත හා සසඳාවත හඳුනාගත හැකි ය.ගී අාකෘතියෙන් ලියැ වී අැති හෙයින් මේවා ගී කාව්‍ය ලෙස හැඳින්වෙන අතර අඛණ්ඩ ව කතා පුවතක් කීමට උත්සාහ දරා අැති හෙයින් ඛණ්ඩ කාව්‍ය ලෙස ද හැඳින්වේ.              මුවදෙව්දාවතට මඛාදේව ජාතකය වස්තු විෂය වන අතර, සසඳාවත සඳහා පදනම් වී අැත්තේ සස ජාතකය යි.මෙම කෘතිද්වය රචනා කිරීමේ දී සංස්කෘත අලංකාරවාදී සිද්ධාන්ත අනුව පුරු වැනුම්,රජ වැනුම්,සෘතු වැනුම්,උදා වැනුම්,සැදෑ වැනුම්,නිශා වැනුම් අාදිය ගෙනහැර දැක්වීමක මිසක වඩාත් නිර්මාණාත්මක ස්වීය ප්‍රතිභාවක් විෂද කිරීමට අපොහොසත් වූ බව පෙනේ.එහෙත් යුධ අරගලවලින් බහුල වූ කාලවකවානුවක රාජ්‍ය පාලකයාට පරිත්‍යාගය ,නිෂ්ක්‍රමනය යනාදිය පිළිබඳ අාදර්ශ ලබාදෙන කෘති වශයෙන් මේවායේ යම් වැදගත්කමක් පවතියි.එමෙන් ම සංස්කෘත අලංකාර විචාර සිද්ධාන්ත අනුව බලන කළ අලංකාරවලින් බහුල විදග්ධ ස්වරූපයේ කාව්‍ය නිර්මාණ වශයෙන් මේවා තුළ වැදගත්කමක් පවතියි.

නොගැයූ ගීතය

Image
                මගේ ගීතය නොගැයූ ගීතය                මෙදාතුරකට නොකිව් ගීතය                නිදාගෙන අැත මා දෙතොල මත                මෙදාතුරකට නොගැයූ ගීතය                සුවඳ කුසුමක කදෝපැණි එළි               නිසල දිය මත ගිලුණු සඳ එළි               සසල කරවිය මගේ කවි සිත                එවිට සිහිනෙන් පෙනුණි ගීතය              මගේ ගීතය දෙතොල පුරවයි             යටගියාවේ මතක සමඟින්             මගේ ගීතය දවස් පුරවයි             සැඟව ගිය සෙවනැල්ල අතරින්            මගේ ගීතය නොගැයූ ගීතය         ...

විද්‍යුත් මාධ්‍ය අාචාරධර්ම

Image
                                          නිදහස් සමාජයක,අන්‍ය මාධ්‍යයන් මෙන් ම ගුවන් විදුලිය හා රූපවාහිනී සේවාවන් ද අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසක් භුක්ති විඳින බවට පූර්ව නිගමනයක් තිබිය යුතු ය.එම නිදහස සීමා කෙරෙන්නේ නම් එසේ සීමා කෙරෙන්නේ යුක්ති සහගත කිරීමට ප්‍රමාණවත් ලෙස සාමාන්‍යයෙන් පිළිගැනෙන හේතුවක් සඳහා පමණි.කෙසේ වුව ද ,බ්‍රිතාන්‍ය ගුවන් විදුලිය හා රූපවාහිනිය නෙෙතික වශයෙන් පැනවිය හැකි සීමා පිළිපැඳිය යුතු බව සාම්ප්‍රදායික වශයෙන් පිළිගෙන අැත.සීමිත රූපවාහිනී හා ගුවන් විදුලි සේවාවන් පැවති කාලයේ දී එම සීමාවන්ගෙන් සමහරක් සඳහා පැවති අවශ්‍යතාව  ,අසීමිත වරණයක් පවතින මෙවන් යුගයක දී හීන වී අැත.තමන් නරඹන හෝ ශ්‍රවණය කරන වැඩසටහන් ප්‍රිය නොකරන පුද්ගලයන්ට ,අවසාන පිළිවෙත වූ යන්ත්‍රය ක්‍රියා විරහිත කිරීම වෙනුවට වෙනත් චැනලයක් ක්‍රියාත්මක කළ හැක.එහෙත් ගුවන් විදුලි හා රූපවාහිනී ප්‍රචාර සතු නිදහස පිළිබඳ උපකල්පනයන්ට ග්‍රාහකයන් හා විද්‍යුත් මාධ්‍යවේදීන් අතර තිබිය යුතු වගකීම් සහගත අවබෝ...

තනි තරුවේ.........

Image

කෙටිකතාව

Image

සම්භාව්‍ය සිංහල පද්‍යයේ අාරම්භය

ක්‍රි.පූ.යුගයේ ලියැවුණු තිස්සමහාරාම, කොස්සවකන්ද,කිරින්ද අාදි සෙල්ලිපිවල ගැබ් ව පවත්නා කාව්‍යාත්මක ස්වරූපය අැසුරෙන් සම්භාව්‍ය සිංහල පද්‍යයේ මූලාරම්භක අවධියේ ලක්ෂණ හඳුනාගත හැකි ය.එමෙන් ම ලියැවුණු කාව්‍ය නිර්මාණ දක්නට නොලැබුන ද,අනුරාධපුර යුගයේ දී කවීන් විසූ බවට යම් යම් සාධක හමු වේ.                     ක්‍රි.පූ.6 වන සියවසේ පළමුවන අග්ගබෝධ් රජ සමයේ දොළොස් මහා කවීන් සිටි බව මහාවංශය,නිකාය සංග්‍රහය, රාජාවලිය හා පූජාවලිය යන කෘති සාක්ෂි සපයයි.නිකාය සංග්‍රහයට අනුව දොළොස් මහා කවීන් වන්නේ,                  අසක්දාමල                  සක්දාමල                  දෑමි                  බෑබිරි                  දළ බිසෝ                  අනුරුත් කුමරු       ...

සියබස්ලකර

අනුරාධපුර යුගයේ දී රචනා වන සියබස්ලකර දණ්ඩීන් විසින් ලියන ලද සංස්කෘත අලංකාර ග්‍රන්ථයක් වූ කාව්‍යාදර්ශයේ සිංහල අනුවාදයකි.එය සිංහලයට අනුවාදනය කළ කතුවරයා ලෙස සැලකෙන 6 වන සේන රජු කාව්‍යාදර්ශයේ නොතිබු සිද්ධාන්තයක් මෙයට අැතුළත් කළේය.එය මෙපරිද්දෙනි,           "   පෙදෙන් බුදු සිරිතැ                බසින් වත් සිරිත්‍ අෑ                පෙද යුතු බසින් නිල් අෑ                අනතුරු ලකුණු දකුවමි  " මෙහි පැනෙන "පෙදෙන් බුදු සිරිතැ " යන නියමය පසුකාලීන සිංහල කවිය මත ප්‍රබල බලපෑමක් එල්ල කරයි.සිංහල කවියෝ පද්‍යයෙන් බුදු සිරිත වර්ණනා කිරීමෙහි ලා ජාතක කථා වස්තු විෂය කර ගැනීමට පෙළඹුණහ.ඒ හැරුණු විට සියබස්ලකරෙහි මහා කාව්‍ය ,ඛණ්ඩ කාව්‍ය අාදිය සඳහා නිර්දේශ කරන පුර වැනුම්,රජ වැනුම්,ස්ත්‍රී වැනුම්,යුද වැනුම්,වන වැනුම් අාදිය එලෙසින් ම අනුකරණය කිරීමට පසුකාලීන සිංහල කවීහු පෙළඹුණහ.

ඡායාරූප එකතුවකි

Image
                      අාදරයේ සංකේතය                             ටාජ් මහල   කුරිරු යුද්ධයේ අඳෝනාව   අතිශය රමණීය වූ වර්ණ සංකලනය  ජීවිතයේ ව්‍යාකූලත්වය

මගේ ජීවය

නිසොල්මනේ මේ අහස යට වැතිර ඔබ අද සිටිනු දුටු විට හැරදමා යන්නේ කෙලෙසද ඔබයි මගේ ජීවයේ මංපෙත අැයි ද අම්මේ නිහඬ අද ඔබ මගේ නෙතු අග කඳුළු රඳවා තනි කරන්නට බෑ මෙතන ඔබ අඳුර දැන් ළඟ ළඟ ම එනවා

සතුට

Image
     වදනට පෙරළනට බොහෝ දේ තිබුනත්     නැත කිසිවක් මුව පවසන්නේ     අැත්තේ අාදරය රැකවරණය සතුට     පුතුනි නුඹටත් මට වගේ     නැත කිසිවක් තව අවැසන්නේ.......

Fire alarm එක

මැයි මස 26 වන ඉරිදා නම් විය මා සුව නින්දේ පසු විය රාත්‍රී 12 වන්නට තව විනාඩි 5ක් පමණි එක්වරම Fire alarm එක වැදුණි මිතුරියක මා අමතන්නට විය උඩගොස් අැහැරුණු මා එක්වරම අැඳෙන් පැන්නේය අා....මගේ phone එක මට මතක් වුණි Phone එක අතට ගත් මා අනෙක් මිතුරියන් සමඟ පිම්මේ දිව්වේය තට්ටු තුනක් පහළට බහින්නට අවශ්‍යය ය දැන්නම් මරණ බිය හොඳටම දැනේ මිතුරියන් මරලතෝනි දෙමින් දුවන්නට විය සමහරුන්ගේ සෙරෙප්පු ද නැත  අපි සැම සිදුවූයේ කුමක්ද කියා බලා සිටියෙමු විදුලියද අැණ හිටී අැත Subwordent පැමිණියාය අවට සියල්ල පරික්ෂා කළේය කිසි ප්‍රශ්නයක් නෑ ළමයි room වලට යන්න එපමණකි අපි සැම පිම්මේ room වලට අාවෙමු නැවතත් අපි නින්දට සූදානම් වීමු