සම්භාව්‍ය සිංහල පද්‍යයේ අාරම්භය

ක්‍රි.පූ.යුගයේ ලියැවුණු තිස්සමහාරාම, කොස්සවකන්ද,කිරින්ද අාදි සෙල්ලිපිවල ගැබ් ව පවත්නා කාව්‍යාත්මක ස්වරූපය අැසුරෙන් සම්භාව්‍ය සිංහල පද්‍යයේ මූලාරම්භක අවධියේ ලක්ෂණ හඳුනාගත හැකි ය.එමෙන් ම ලියැවුණු කාව්‍ය නිර්මාණ දක්නට නොලැබුන ද,අනුරාධපුර යුගයේ දී කවීන් විසූ බවට යම් යම් සාධක හමු වේ.
                    ක්‍රි.පූ.6 වන සියවසේ පළමුවන අග්ගබෝධ් රජ සමයේ දොළොස් මහා කවීන් සිටි බව මහාවංශය,නිකාය සංග්‍රහය, රාජාවලිය හා පූජාවලිය යන කෘති සාක්ෂි සපයයි.නිකාය සංග්‍රහයට අනුව දොළොස් මහා කවීන් වන්නේ,
                 අසක්දාමල
                 සක්දාමල
                 දෑමි
                 බෑබිරි
                 දළ බිසෝ
                 අනුරුත් කුමරු
                 දළගොත් කුමරු
                 දළසළ කුමරු
                 කිත්සිරි කුමරු
                 පුරවඩු කුමරු
                 සූරියබාහු කුමරු
                 කසුප්තොට කුමරු

මහාවංශය සඳහන් කරන්නේ මොවුන් සිංහල නිරුක්තියෙන් විචිත්‍රවත් න්‍යායෙන් යුතු ව බොහෝ කවි ගෙතූ බව යි.
                         ක්‍රි.පූ.6 වන සියවසේ දී ම විසූ බවට සැලකෙන දෙවන මුගලන් රජතුමා අනුරාධපුර යුගයේ විසූ ප්‍රසිද්ධ කවියෙකු ලෙස සැලකේ. මෙසේ සිංහල කවියේ මූලාරම්භක ලක්ෂණ පිළිබඳ යම් යම් සාධක හමුවන අතර අවිච්න්ත ව පවත්නා සුප්‍රකට කාව්‍ය නිර්මාණ හමුවන්නේ සීගිරි කැටපත් පවුරෙනි.

Comments

Popular posts from this blog

සියබස්ලකර

මුවදෙව්දාවත හා සසඳාවත

රූපවාහිනිය හා ළමා පරපුර