මුවදෙව්දාවත හා සසඳාවත

"පෙදෙන් බුදු සිරිතැ" යන නියමය අාරක්ෂා කරමින් පොළොන්නරු යුගයේ දී රචනා වූ කෘතිද්වයක් ලෙස මුවදෙව්දාවත හා සසඳාවත හඳුනාගත හැකි ය.ගී අාකෘතියෙන් ලියැ වී අැති හෙයින් මේවා ගී කාව්‍ය ලෙස හැඳින්වෙන අතර අඛණ්ඩ ව කතා පුවතක් කීමට උත්සාහ දරා අැති හෙයින් ඛණ්ඩ කාව්‍ය ලෙස ද හැඳින්වේ.
             මුවදෙව්දාවතට මඛාදේව ජාතකය වස්තු විෂය වන අතර, සසඳාවත සඳහා පදනම් වී අැත්තේ සස ජාතකය යි.මෙම කෘතිද්වය රචනා කිරීමේ දී සංස්කෘත අලංකාරවාදී සිද්ධාන්ත අනුව පුරු වැනුම්,රජ වැනුම්,සෘතු වැනුම්,උදා වැනුම්,සැදෑ වැනුම්,නිශා වැනුම් අාදිය ගෙනහැර දැක්වීමක මිසක වඩාත් නිර්මාණාත්මක ස්වීය ප්‍රතිභාවක් විෂද කිරීමට අපොහොසත් වූ බව පෙනේ.එහෙත් යුධ අරගලවලින් බහුල වූ කාලවකවානුවක රාජ්‍ය පාලකයාට පරිත්‍යාගය ,නිෂ්ක්‍රමනය යනාදිය පිළිබඳ අාදර්ශ ලබාදෙන කෘති වශයෙන් මේවායේ යම් වැදගත්කමක් පවතියි.එමෙන් ම සංස්කෘත අලංකාර විචාර සිද්ධාන්ත අනුව බලන කළ අලංකාරවලින් බහුල විදග්ධ ස්වරූපයේ කාව්‍ය නිර්මාණ වශයෙන් මේවා තුළ වැදගත්කමක් පවතියි.

Comments

Popular posts from this blog

සියබස්ලකර

රූපවාහිනිය හා ළමා පරපුර