නොගැයූ ගීතය


               මගේ ගීතය නොගැයූ ගීතය
               මෙදාතුරකට නොකිව් ගීතය
               නිදාගෙන අැත මා දෙතොල මත
               මෙදාතුරකට නොගැයූ ගීතය

               සුවඳ කුසුමක කදෝපැණි එළි
              නිසල දිය මත ගිලුණු සඳ එළි
              සසල කරවිය මගේ කවි සිත 
              එවිට සිහිනෙන් පෙනුණි ගීතය

             මගේ ගීතය දෙතොල පුරවයි
            යටගියාවේ මතක සමඟින්
            මගේ ගීතය දවස් පුරවයි
            සැඟව ගිය සෙවනැල්ල අතරින්

           මගේ ගීතය නොගැයූ ගීතය
           නිරන්තරව ම රැඳෙයි හද තුළ
           දිලෙන තරු මත සැලෙයි ගීතය
           නිලඹරේ පවතියි දිවා රැය

Comments

Popular posts from this blog

සියබස්ලකර

මුවදෙව්දාවත හා සසඳාවත

රූපවාහිනිය හා ළමා පරපුර