සියබස්ලකර

අනුරාධපුර යුගයේ දී රචනා වන සියබස්ලකර දණ්ඩීන් විසින් ලියන ලද සංස්කෘත අලංකාර ග්‍රන්ථයක් වූ කාව්‍යාදර්ශයේ සිංහල අනුවාදයකි.එය සිංහලයට අනුවාදනය කළ කතුවරයා ලෙස සැලකෙන 6 වන සේන රජු කාව්‍යාදර්ශයේ නොතිබු සිද්ධාන්තයක් මෙයට අැතුළත් කළේය.එය මෙපරිද්දෙනි,

          "   පෙදෙන් බුදු සිරිතැ
               බසින් වත් සිරිත්‍ අෑ
               පෙද යුතු බසින් නිල් අෑ
               අනතුරු ලකුණු දකුවමි  "

මෙහි පැනෙන "පෙදෙන් බුදු සිරිතැ " යන නියමය පසුකාලීන සිංහල කවිය මත ප්‍රබල බලපෑමක් එල්ල කරයි.සිංහල කවියෝ පද්‍යයෙන් බුදු සිරිත වර්ණනා කිරීමෙහි ලා ජාතක කථා වස්තු විෂය කර ගැනීමට පෙළඹුණහ.ඒ හැරුණු විට සියබස්ලකරෙහි මහා කාව්‍ය ,ඛණ්ඩ කාව්‍ය අාදිය සඳහා නිර්දේශ කරන පුර වැනුම්,රජ වැනුම්,ස්ත්‍රී වැනුම්,යුද වැනුම්,වන වැනුම් අාදිය එලෙසින් ම අනුකරණය කිරීමට පසුකාලීන සිංහල කවීහු පෙළඹුණහ.

Comments

Popular posts from this blog

මුවදෙව්දාවත හා සසඳාවත

රූපවාහිනිය හා ළමා පරපුර