විද්‍යුත් මාධ්‍ය අාචාරධර්ම
නිදහස් සමාජයක,අන්‍ය මාධ්‍යයන් මෙන් ම ගුවන් විදුලිය හා රූපවාහිනී සේවාවන් ද අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසක් භුක්ති විඳින බවට පූර්ව නිගමනයක් තිබිය යුතු ය.එම නිදහස සීමා කෙරෙන්නේ නම් එසේ සීමා කෙරෙන්නේ යුක්ති සහගත කිරීමට ප්‍රමාණවත් ලෙස සාමාන්‍යයෙන් පිළිගැනෙන හේතුවක් සඳහා පමණි.කෙසේ වුව ද ,බ්‍රිතාන්‍ය ගුවන් විදුලිය හා රූපවාහිනිය නෙෙතික වශයෙන් පැනවිය හැකි සීමා පිළිපැඳිය යුතු බව සාම්ප්‍රදායික වශයෙන් පිළිගෙන අැත.සීමිත රූපවාහිනී හා ගුවන් විදුලි සේවාවන් පැවති කාලයේ දී එම සීමාවන්ගෙන් සමහරක් සඳහා පැවති අවශ්‍යතාව ,අසීමිත වරණයක් පවතින මෙවන් යුගයක දී හීන වී අැත.තමන් නරඹන හෝ ශ්‍රවණය කරන වැඩසටහන් ප්‍රිය නොකරන පුද්ගලයන්ට ,අවසාන පිළිවෙත වූ යන්ත්‍රය ක්‍රියා විරහිත කිරීම වෙනුවට වෙනත් චැනලයක් ක්‍රියාත්මක කළ හැක.එහෙත් ගුවන් විදුලි හා රූපවාහිනී ප්‍රචාර සතු නිදහස පිළිබඳ උපකල්පනයන්ට ග්රාහකයන් හා විද්‍යුත් මාධ්‍යවේදීන් අතර තිබිය යුතු වගකීම් සහගත අවබෝධයකට අදාළ කිසියම් ප්‍රකාශයක් තවදුරටත් අවශ්‍යය වේ.
Comments
Post a Comment