රූපවාහිනිය හා ළමා පරපුර


වර්තමානය වන විට බොහෝ දෙමාපියන් තම දෙෙනික කටයුතු කිරීමේ දී දරුවන්ගෙන් වන බලපෑම අවම කර ගැනීම සඳහා යොදන උපක්‍රමයක් ලෙසතම දරුවාට රූපවාහිනිය නැරඹීමට අවස්ථාව ලබා දෙයි.දරුවෝ ද කුඩා කාලයේ සිට රූපවාහිනියට හුරු වෙති.එහෙත් ගොඩ්ලි පිලිප් වැනි අත්දැකීම් පූර්ණ ළමා වැඩසටහන් නිෂ්පාදන පවා මතක් කරන්නේ දරුවන් රූපවාහිනිය නැරඹීමේ දී දෙමාපියන්ගේ මැදිහත්වීම සහ අවධානය අනිවාර්ය බවයි.
         දෙමාපියන් අද න්‍යෂ්ටික පවුලක් දක්වා හැකිලි පවතී.දරුවන් හුදෙකලා වී අැත.දරුවාගේ සමීපතයා බවට මව,පියා පවා පරයා රූපවාහිනිය පැමිණ තිබේ.අද වන විට රූපවාහිනිය දරුවන් නිහඬ කොට ඔවුන්ට විවිධ දේ කියා දෙන සමීපතයෙකුගේ තත්ත්වයට පත් ව තිබේ.නමුත් දරුවාගේ ක්‍රියාකාරකම් මෙන් ම මනස ද හැඩගැස්මට රූපවාහිනියට නොහැකි ය.බොහෝ විට පවුලේ ඥාතීන් සමඟ කටයුතු කරමින් ක්‍රියාකාරී දරුවෙකුගේ හැසිරීමට වඩා රූපවාහිනිය සමඟ කටයුතු කරන දරුවා බොහෝ විට මන්දෝත්සාහී බවක් දක්වනු දැකිය හැකි ය.
        දරුවාගේ වුවමනාවට රූපවාහිනී වැඩසටහන් තෝරා ගැනීමට නොව නිවැරදි තේරීමක් සහිත ව රූපවාහිනී දර්ශන වෙත යොමු කිරීමට තරම් දෙමාපියන් දරුවන් පිළිබඳ සැලකිලිමත් විය යුතු ය.දරුවන්ට රූපවාහිනිය බලන්නට නිදහස දී දෙමාපියන් තමන්ගේ ලෝකයේ පසු වුවහොත් සිදු වන්නේ දරුවා පිළිබඳ ඔබ තැනූ ලෝකය ඔබේ දෙපාමුල අැද වැටීමකි.දරුවා රූපවාහිනිය නැරඹීමේ දී දෙමාපිය නිරීක්ෂණය අනිවාර්ය ය.මන්ද වැඩෙන දරුවා දකින දේහි වැරදි නිවැරදිතාව තේරුම් ගැනීමට තරම් බුද්ධිමත් නොවන බැවිනි.

Comments

Post a Comment

Popular posts from this blog

සියබස්ලකර

මුවදෙව්දාවත හා සසඳාවත