සදාදරණීය ජෝතිගේ 32 වෙනි ගුණ සමරුව නිමිත්තෙනි

             
  අාදර මල් පවනේ.....අෑ යන මේ ගමනේ.......
               මේ ගීතය සවන් වැකුණු සැනින් අපට සිහි වන්නේ එච්.අාර්.ජෝතිපාල මහතාව ය.ජෝතිගේ ගීත සම්ප්‍රධානයෙහි අගය, වටිනාකම අද දවසේ ද නොනැසී පවතින බවට සාක්ෂි සපයන්නේ වර්තමාන රූපවාහිනී නාලිකා සියල්ල ම පාහේ තරුණ ගායන හැකියාවන් සොයා ගනු වස් පවත්වන රියැලිටි සංගීත ප්‍රසංග සඳහා ඉදිරිපත් වන්නන් බහුතරයක් විසින් එච්.අාර්.ජෝතිපාල එදා ගැයූ ගීත ම තෝරා ගැනීම මගිනි.
                     ජෝති තම දිවි සැරිය නිමා කළේ වසර අඩ දශකයකට මදක් වැඩි මොහොතක ය.1936 පෙබරවාරි 12 දා ලොව දුටු එච්.අාර්.ජෝතිපාල ලොව හැර ගිය 1987 ජූලි 07 වන දා වන කළ, දිවි සැරියේ අඩ සියවසට එක් වසරක් එක් වූවා පමණි.අඩ සියවස් දිවි සැරියේ දශක තුනකටත් වඩා වැඩි කාලයක් ඔහු තම මධුර හඬින් දහස් සංඛ්‍යාත ශ්‍රාවක ජනතාවක් පින වූ ගායකයා ලෙස මෙරට සංගීත වංශකතාවේ සටහන් වී අැත්තේ කිසිදා බිඳ නොහැකි වාර්තාවක් ලෙසිනැ යි සිතේ.ඔහු ජනතාවගේ ගායකයා ය.
               ශ්‍රී ලංකාවේ එදා මෙදා තුර ජනප්‍රියත ම ගායක කිරුළ දරා සිටින්නේ එච්.අාර්. ජෝතිපාල බව අවිවාදාත්මක ය.උගත්කම ,සමාජ, දේශපාලන පසුබිම කුමක් වුව,සෑම ස්ථරයක ම ජනතාවගේ හදවත්හි සදා නොමියෙන නාමය බවට පත් ව අැත්තේ ජෝතිගේ නාමය බව කීමට අලුතින් කිසිදු සාක්ෂියක් අවශ්‍යය නොවේ.
                         තිරයට උචිත ම කටහඬ සතු වූ ගායකයා ලෙස පිළිගැණුනු ජෝතිපාලගේ පසුබිම් ගායනා මෙරට සිනමාවේ ප්‍රධාන නළුවන් සියල්ලන්ගේ ම රංගනය හා අපූරුවට සුසංයෝගී වූ බව නොරහසකි.චිත්‍රපට ගීයකට අවශ්‍ය ජවනිකාරූපී ගායනයට අවශ්‍යය පුරුෂ හඬ පෞරුෂය ජෝතිට තරම් අන් කවරෙකුට හෝ තිබිණ දැයි සිතීම අසීරු ය.
                   පරණ ගීතයෙහි සිනමාරූපී රූපණ සඳහා උචිත පසුබිම් ගායනයෙහි මතු නොව ,ප්‍රාසාංගික වේදිකාවෙහි ද, ගායකයෙකු ලෙස ජෝතිපාල බැබළුණේ ඔහුගේ හඬ පෞරුෂය මෙන් ම කායික පෞරුෂය නිසා ම බව දැනේ.ජෝතිපාලගේ ගීත සම්ප්‍රදානයෙහි වටිනාකම අද දවසේ ද නොනැසී පවතින බවට සාක්ෂි සපයන්නේ වර්තමාන රූපවාහිනී නාලිකා ය.මේ තුළින් අපට ගම්‍ය වන්නේ ජෝතිගේ අතුල්‍ය ගායන විලාශය මෙරට ශ්‍රාවක ගීත රස වින්දනය කෙරෙහි බලපෑමක් අැති කොට අැති බවයි.අප අාදරණීය ජෝති සදාදරණීය වන්නේ එම නිසා ය.

Comments

Popular posts from this blog

සියබස්ලකර

මුවදෙව්දාවත හා සසඳාවත

රූපවාහිනිය හා ළමා පරපුර