මං තව ම ගල් කඩනවා
පොල් රොටියකින් කහට පොදකින්
යන්තමට කුසගිනි නිවා
දවා අළු වී ගිය අතීතය
නිවාවිද හද ගිනි මෙදා
පහර වැද කුළුගෙඩි හිසෙන්
බිඳෙන ගල් පතුරට වඩා
රිදුම් දුන්නේ හිතයි රහසේ
නේක අගහිඟකම් දරා
සසල වී ගිරිකුළ හඬද්දී
ඔත්පල වූ දරුවන් දමා
නුඹ ගියා පෙම් කූඩු සොයාලා
පව් ගෙවන්නට බෑ කියාලා
රුවන්මලී දීපිකා
Comments
Post a Comment