කාගෙ කාගෙත් කවි

ගාමන්ට් කෙල්ලගේ කවිය

ඉර ඉරී යන ජීවිතය
මහන්නට වෙලාවක් නැත
අනුන්ට අැඳුම් මහන්නට 
දිවා රෑ වෙහෙසන බැවින......

තොටියාගේ කවිය

පෝයදාට පන්සලට ගොස්
බණ පදයක් අසා
පිනක් කර ගන්නට
වෙලාවක් නැත
මෙගොඩ සිට
එගොඩ පන්සලට 
උපාසක උපාසිකාවන් 
ගෙන යන්නට අැති බැවින......

යුද සෙබලාගේ කවිය

තමන්ට කියා 
ඉඩමක් ගෙන
ගෙයක් හදාගන්ට
වෙලාව නැත
මුළු රට ම බේරා ගැනීම සඳහා
පෙරමුණේ සටන් වැද
සිටින බැවිනි

ගණිකාවගේ කවිය

මට ම කියා ස්වාමි පුරුෂයෙකු 
සොයා ගන්ට
වෙලාවක් නැත 
මට බොහෝ දෙනා
පෙම් කරන බැවින්
මා උන්ට පෙම් කළ යුතු බැවිනි......

                                        සත්මඬල සඟරාව

Comments

Popular posts from this blog

සියබස්ලකර

මුවදෙව්දාවත හා සසඳාවත

රූපවාහිනිය හා ළමා පරපුර