හයිකු කවිය


හයිකු යනු ලෝකයේ ව්‍යාප්ත ජීවමාන 
කාව්‍ය විශේෂයකි.අතිශය සප්‍රාණික නිර්මාණ ක්‍රියාවලියකි.එහි උද්යෝගවත් ක්‍රියා ස්වරූපය ප්‍රකට වනුයේ ඉංග්‍රීසි කතා කරන ලෝකයේ වෙසෙසින් උතුරු අැමෙරිකාවේ හයිකු නිර්මාණ කාර්යය මාලාව අැසුරෙනි.

හයිකු කවියේ ඉතිහාසය
                          කවි ගණනාවකින් සමන්විත ජපන් කවි පන්තියක් හැඳින්වෙන්නේ ' රෙංගා' හෝ 'රෙංකු ' යන නමිනි.රෙංකු කවි පන්තියක පළමු කවිය හැඳින්වූයේ "හොක්කු" යන නමිනි.හොක්කු යන ජපන් වචනයේ තේරුම පළමු කවිය යනුයි.17 වන සියවසේ ජපන් කවියෙන් හොක්කු කවි ,කවි පන්තියක පළමු කවිය වෙනුවට තනි නිර්මාණ වශයෙන් යොදා ගැනීමට පටන් ගත්හ.මේ කවි හොක්කු හැඳින්වූයේ හයිකු නමිනි.
                      හයිකු බිහි කිරීමේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කළේ 'මත්සුවෝ බාෂෝ' විසිනි.ඔහු සාමාන්‍යයෙන් හයිකු කවියේ පියා සහ එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටත ම හයිකු කවියා ලෙස සැලකේ.

                          17 වන සියවසේ ජපානයේ පළ වූ හයිකු දැන් ලෝක ජාතීන් සමූහයක් එකට බැඳලන සාහිත්‍යයික ධර්මතාවක් බවට පත් ව අැත්තේ ය.අැමෙරිකා හයිකු සංවිධානයේ සභාපතීත්වය හෙබ වූ විශිෂ්ට කවියෙකු හා විචාරකයෙකු වන බෘෘස් රෝස් පවසනුයේ අැන්ටාක්ටිකාවේ හැර අනෙක් හැම මහද්වීපයක ම හයිකු ලියවෙන බවයි.බ්‍රිතාන්‍ය ,අැමෙරිකාව ප්‍රංශය,ජර්මනිය,ඉතාලිය රුසියාව,රුමේනියාව අාදී රටවල දහස් ගණනින් හයිකු නිර්මාණ කණ්ඩායම් දැකිය හැකි ය.
  හයිකු නිර්මාණකරුවන් ලක්ෂ ගණනකගේ දේශයක් වන ජපානයේ ප්‍රමුඛ පුවත්පත්වල ,අැමෙරිකා හා අනෙකුත් විවිධ රටවල හයිකු කවීන් හා ජපන් හයිකු කාව්‍ය පළ වෙයි.ලොව පුරා හයිකු කවීන් හා ජපන් හයිකු කවීන්ගේ විවිධාකාර අන්තර්ජාතික ක්‍රියාකාරකම් නිරතුරුව ම සංවිධානය වෙයි.ඉංග්‍රීසි මාධ්‍ය ජපන් වෙබ් අඩවි මගින් ද,ලෝක හයිකු නිර්මාණ ක්‍රියාවලිය සඳහා අනවරත මෙහෙවරක් ඉටු කරනු ලැබේ.


Comments

Post a Comment

Popular posts from this blog

සියබස්ලකර

මුවදෙව්දාවත හා සසඳාවත

රූපවාහිනිය හා ළමා පරපුර