කාන්ති අැන්ටිගේ බත් Get link Facebook X Pinterest Email Other Apps - July 24, 2019 අනා සම්බෝල පොල් කුඩු සමග දමා අබ අැට කදිමට අල එකට හදා පරිප්පුව බඩඑළිය විලසට කන්නේ ය අප සිතා බඩගිනිනට Get link Facebook X Pinterest Email Other Apps Comments
සියබස්ලකර - June 23, 2019 අනුරාධපුර යුගයේ දී රචනා වන සියබස්ලකර දණ්ඩීන් විසින් ලියන ලද සංස්කෘත අලංකාර ග්රන්ථයක් වූ කාව්‍යාදර්ශයේ සිංහල අනුවාදයකි.එය සිංහලයට අනුවාදනය කළ කතුවරයා ලෙස සැලකෙන 6 වන සේන රජු කාව්‍යාදර්ශයේ නොතිබු සිද්ධාන්තයක් මෙයට අැතුළත් කළේය.එය මෙපරිද්දෙනි, " පෙදෙන් බුදු සිරිතැ බසින් වත් සිරිත් අෑ පෙද යුතු බසින් නිල් අෑ අනතුරු ලකුණු දකුවමි " මෙහි පැනෙන "පෙදෙන් බුදු සිරිතැ " යන නියමය පසුකාලීන සිංහල කවිය මත ප්‍රබල බලපෑමක් එල්ල කරයි.සිංහල කවියෝ පද්‍යයෙන් බුදු සිරිත වර්ණනා කිරීමෙහි ලා ජාතක කථා වස්තු විෂය කර ගැනීමට පෙළඹුණහ.ඒ හැරුණු විට සියබස්ලකරෙහි මහා කාව්‍ය ,ඛණ්ඩ කාව්‍ය අාදිය සඳහා නිර්දේශ කරන පුර වැනුම්,රජ වැනුම්,ස්ත්‍රී වැනුම්,යුද වැනුම්,වන වැනුම් අාදිය එලෙසින් ම අනුකරණය කිරීමට පසුකාලීන සිංහල කවීහු පෙළඹුණහ. Read more
මුවදෙව්දාවත හා සසඳාවත - June 30, 2019 "පෙදෙන් බුදු සිරිතැ" යන නියමය අාරක්ෂා කරමින් පොළොන්නරු යුගයේ දී රචනා වූ කෘතිද්වයක් ලෙස මුවදෙව්දාවත හා සසඳාවත හඳුනාගත හැකි ය.ගී අාකෘතියෙන් ලියැ වී අැති හෙයින් මේවා ගී කාව්‍ය ලෙස හැඳින්වෙන අතර අඛණ්ඩ ව කතා පුවතක් කීමට උත්සාහ දරා අැති හෙයින් ඛණ්ඩ කාව්‍ය ලෙස ද හැඳින්වේ. මුවදෙව්දාවතට මඛාදේව ජාතකය වස්තු විෂය වන අතර, සසඳාවත සඳහා පදනම් වී අැත්තේ සස ජාතකය යි.මෙම කෘතිද්වය රචනා කිරීමේ දී සංස්කෘත අලංකාරවාදී සිද්ධාන්ත අනුව පුරු වැනුම්,රජ වැනුම්,සෘතු වැනුම්,උදා වැනුම්,සැදෑ වැනුම්,නිශා වැනුම් අාදිය ගෙනහැර දැක්වීමක මිසක වඩාත් නිර්මාණාත්මක ස්වීය ප්‍රතිභාවක් විෂද කිරීමට අපොහොසත් වූ බව පෙනේ.එහෙත් යුධ අරගලවලින් බහුල වූ කාලවකවානුවක රාජ්‍ය පාලකයාට පරිත්‍යාගය ,නිෂ්ක්‍රමනය යනාදිය පිළිබඳ අාදර්ශ ලබාදෙන කෘති වශයෙන් මේවායේ යම් වැදගත්කමක් පවතියි.එමෙන් ම සංස්කෘත අලංකාර විචාර සිද්ධාන්ත අනුව බලන කළ අලංකාරවලින් බහුල විදග්ධ ස්වරූපයේ කාව්‍ය නිර්මාණ වශයෙන් මේවා තුළ වැදගත්කමක් පවතියි. Read more
රූපවාහිනිය හා ළමා පරපුර - July 02, 2019 වර්තමානය වන විට බොහෝ දෙමාපියන් තම දෙෙනික කටයුතු කිරීමේ දී දරුවන්ගෙන් වන බලපෑම අවම කර ගැනීම සඳහා යොදන උපක්‍රමයක් ලෙසතම දරුවාට රූපවාහිනිය නැරඹීමට අවස්ථාව ලබා දෙයි.දරුවෝ ද කුඩා කාලයේ සිට රූපවාහිනියට හුරු වෙති.එහෙත් ගොඩ්ලි පිලිප් වැනි අත්දැකීම් පූර්ණ ළමා වැඩසටහන් නිෂ්පාදන පවා මතක් කරන්නේ දරුවන් රූපවාහිනිය නැරඹීමේ දී දෙමාපියන්ගේ මැදිහත්වීම සහ අවධානය අනිවාර්ය බවයි. දෙමාපියන් අද න්‍යෂ්ටික පවුලක් දක්වා හැකිලි පවතී.දරුවන් හුදෙකලා වී අැත.දරුවාගේ සමීපතයා බවට මව,පියා පවා පරයා රූපවාහිනිය පැමිණ තිබේ.අද වන විට රූපවාහිනිය දරුවන් නිහඬ කොට ඔවුන්ට විවිධ දේ කියා දෙන සමීපතයෙකුගේ තත්ත්වයට පත් ව තිබේ.නමුත් දරුවාගේ ක්‍රියාකාරකම් මෙන් ම මනස ද හැඩගැස්මට රූපවාහිනියට නොහැකි ය.බොහෝ විට පවුලේ ඥාතීන් සමඟ කටයුතු කරමින් ක්‍රියාකාරී දරුවෙකුගේ හැසිරීමට වඩා රූපවාහිනිය සමඟ කටයුතු කරන දරුවා බොහෝ විට මන්දෝත්සාහී බවක් දක්වනු දැකිය හැකි ය. දරුවාගේ වුවමනාවට රූපවාහිනී වැඩසටහන් තෝරා ගැනීමට නොව නිවැරදි තේරීමක් සහිත ව රූපවාහිනී දර්... Read more
Comments
Post a Comment