බර්මියුඩා ත්රිකෝණයේ රහස
බර්මියුඩා ත්රිකෝණය යනු උතුරු අත්ලන්තික් සාගරයේ බටහිර කොටසෙහි පිහිටි,නැව් සහ ගුවන් යානා අතුරුදහන් වන ප්රදේශයකි.බර්මියුඩා ත්රිකෝණය අාශ්රිත ප්රදේශය ලෝකයේ විශාලත ම මගී ප්රවාහන මාර්ගයක් වන අතර,අැමෙරිකාවේ,යුරෝපයේ හා කැරබියන් දූපත්වල වරායන් සඳහා එය හරහා නිතර ම නැව් ගමන් කරයි.මෙම ප්රදේශය තුළ දී සිදු වූ නැව් සහ ගුවන් යානා රැසකගේ අබිරහස් අතුරුදහන් වීමත් සමඟ ලෝකයේ ම අවධානය මේ ප්රදේශය වෙත යොමු ව තිබේ.යක්ෂයාගේ ත්රිකෝණය (Devil's Trangle) වශයෙන් ද හඳුන්වනු ලබන මෙම ප්රදේශය වර්ග සැතපුම් 500 000ක් පුරා පැතිර පවතියි.
1918 මාර්තු මස මැන්ගනීස් ලෝහ පස් ටොන් 10 000ක් පමණ පටවා ගත් අැමෙරිකානු USS Cyclops නම් අඩි 542ක් දිග යාත්රාව එහි 300ක පිරිස ද සමඟ අභිරහස් ලෙස අතුරුදහන් වීමත් සමඟ බර්මියුඩා කලාපය තුළ අභිරහස් අතුරුදහන් වීම් පිළිබඳ ව මුළු ලෝකයේ අවධානය යොමු වීඅැත.
1945 දෙසැම්බර් දිනක අැමෙරිකානු ගුවන් යානා 5ක් 14 දෙනෙකුගෙන් යුත් පිරිසක් සමඟ බෝම්බ හෙලීමේ පෙර පුහුණුවක් සඳහා පිටත් වූ යානා මෙම කලාපය තුළ දී දිශාව දැන ගැනීමේ උපාංග ක්ක්රියා විරහිත වී අැත.ඉන්පසු අතරමං වී ඉන්ධන ඉවරවීමෙන් පසු අතුරුදහන් වූ බව සඳහන් වේ.
සති ගණනක් ඔවුන් සෙවීමේ කටයුතු සිදු වුණ ද, කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වී තිබේ.සමහරු මෙය විවිධ පිටසක්වල ජීවින්ගේ ක්රියාකාරකම් සිදුවන ප්රදේශයක් ලෙස ද, තවත් සමහරු මෙය කාලය හරහා ගමන් කළ හැකි දොරටු සහිත ප්රදේශයක් ලෙස ද හඳුන්වා දී තිබේ.තවත් මතයකින් කියවෙන්නේ ලොවෙන් අතුරුදහන් වූවා යැයි සැලකෙන පුරාණ අැට්ලන්ටික් නගරය පිහිටා තිබුනේ මෙම ප්රදේශයේ බවයි.අත්භූත මකරුන් ජීවත් වන ප්රදේශයක් බවට ද, ගුරුත්වාකර්ශන බලය ප්රතිවිරුද්ධ අතට ක්රියා කරන ප්රදේශයක් බවට ද, විවිධ මත පළ වී තිබේ.
Comments
Post a Comment