රාමලාන් සඳ

          සඳක් නෑ පෙනෙනා වූ දුරකින්
          ලබා අැත අද රාමලානය
          සඳක් පායන තුරු හිඳින්නෙමි
          හදේ පිබිදුණ බැති සිතින්
          ෆරීනා - එන්න මියුලැසියේ

         ළපලු පත් අග රැඳුණු පිනි බිඳු
         නෙළුම් කොළයක අසුරලා
        හුයෙක එකිනෙක රැගෙන අමුණා
        සඳවතිය ගෙල පළඳවා
         ෆරීනා- එන්න මියුලැසියේ

          සිතිජ ඉම ළඟ අහස් තලයේ
          නීල තරු කැට බොඳ වෙලා
          සිඟිති පුතු රැවටෙයි දහස් වර
          නිවි නිවී යන තරු බලා
          ෆරීනා- එන්න මියුලැසියේ

                               උපුටා ගැනීම
                                සත්මඬල සඟරාව

Comments

Popular posts from this blog

සියබස්ලකර

මුවදෙව්දාවත හා සසඳාවත

රූපවාහිනිය හා ළමා පරපුර